ලොව වේගවත්ම නිෂ්පාදන මෝටර් රථය (Production Car) බවට චීනයේ BYD සමාගම නිෂ්පාදනය කළ Yangwang U9 Xtreme (U9X) මෝටර් රථය පත් වුණා. ඒ පසුගිය සැප්තැම්බර් මස 14 වෙනිදා පැයට කිලෝමීටර 496.22 ක වේගයකින් ධාවනය කරමින් නව වාර්තාවක් පිහිටුවීමත් සමඟයි. මෙම ඓතිහාසික ධාවනය ජර්මනියේ ATP Papenburg ධාවන පථයේදී සිදු කෙරුණු අතර එම අවස්තාවේ රථය ධාවනය කළේ ජර්මානු ජාතික ධාවන ශූරයෙකු වන Marc Basseng විසින්. මේ අනුව බිඳ වැටුණේ 2019 වර්ෂයේදී පැයට කිලෝමීටර 490.484 ක වේගයකින් ධාවනය කරමින් Bugatti Chiron මෝටර් රථයට හිමිව තිබූ වාර්තාවයි.
ලොව වේගවත්ම මෝටර් රථය බවට පත් වුණ පළමු විද්යුත් මෝටර් රථය විදිහට ඉතිහාසයට එකතු වුණ මේ Yangwang U9 Xtreme මෝටර් රථය නිර්මාණය කර තිබෙන්නේ ජර්මානු ජාතික මෝටර් රථ නිර්මාණ ශිල්පියෙකු වන Wolfgang Egger විසින්. පහතින් දැක්වෙන්නේ මෙහි දැකිය හැකි ප්රධාන විශේෂාංග කිහිපයක්.
- 1200V ultra-high-voltage electric powertrain (higher than typical 800V systems)
- Lithium Iron Phosphate (LFP) Blade Battery with 30C discharge rate
- Four ultra-high-speed electric motors – each operating up to 30,000 rpm
- Total power output: over 3,000 PS (2,958 hp)
- Track-level semi-slick tyres for enhanced grip and performance
- Revised DiSus-X suspension system – specially tuned for circuit driving stresses
BYD සමාගම සඳහන් කරන්නේ ඔවුන් මෙම වර්ගයේ මෝටර් රථ 30 ක් පමණක් නිර්මාණය කරන බවයි. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි මෙම එක් රථයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 230,000 ඉක්මවනවා. Yangwang U9 Xtreme මෝටර් රථය යනු ලොව වැඩියෙන්ම අලෙවි වන විද්යුත් වාහන සන්නාමය වන BYD සමාගමේ යෝධ පියවරක් බවට පත්වන අතරම චීනයේ තාක්ෂණික දියුණුව මනාව පෙන්වන අවස්තාවක් බවත් නොරහසක්.