ලෝක ගුරු දිනය ශ්‍රී ලංකාවේ සමරන්නේ අද, ඔක්තෝම්බර් 06. දෙමව්පියන්ගෙන් පසුව අපේ ජීවිතය හරියට සකස් කරගන්න වැඩිම දායකත්වය ලබා දෙන්නේ අපේ ගුරුවරු බව නොරහසක්. ගුරුවරුන්ට ගරු කිරීම, කෙළෙහි ගුණ සැලකීම ගුණ ගරුක ශිෂ්‍යයන්ගේ වැදගත් ලක්ෂණ වන්නේ ඒ නිසාමයි.
පුරාණ ඉන්දියාවේ ගිහි ගුරුවරු “ගුරු ගෙදර” නමින් තමන්ගේ නිවසේ නේවාසික අධ්‍යාපන ආයතන පවත්වාගෙන ගිය බව සඳහන් වෙනවා. එහි ඉගෙනුම ලැබීමට ගිය ගිහි – පැවදි සියලු සිසුන් අධ්‍යාපනය ලැබුවේ ඉතා ගෞරවයෙන් සිය ගුරුතුමන් හට ඇප උපස්ථාන කරමින්, ගෙදර දොර කටයුතු ඉටු කරදෙමින්.
සත්තුභත්ත ජාතකයේ එන සේනක කුමාරයත් මේ ආකාරයට අධ්‍යාපනය ලැබුවේ දිසාපාමොක් ඇඳුරුතුමන්ගේ ගුරු ගෙදර රැදී සිටිමින්. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කාව්‍යශේඛරයේ දී එය කවියට නැගුවේ මෙන්න මේ ආකාරයට.
එදවස් පටන් කොට
ඔහු ගෙයි පළමු නැගි සිට
මිසක් කී තැන කට
නොයේ නොසිටි නොරිසි ලෙස කටඅත් පා මෙහෙවරි න්
දවසැර ගුරුන් හසරි න්
දුන් උන් අවසරි න්
පසුව සැතපේ සැමට අදරි න්ගුරු සිත නොරිද වා
වේලාව නොවරද වා
බැති පෙම් උපද වා
අකුරු උගනී කුමරු සොඳ වා