අන්තර්ජාලයේ සැරිසරන අතරතුර නොයෙක් අවස්තාවලදී “I’m not a robot” කියන check box එක අපට හමුවෙනවා. නමුත් සැබවින්ම මේ check box එක click කරන්න පුළුවන් මිනිසුන්ට විතරමද යන්න පිළිබඳවයි මේ සොයා බැලීම.
90 දශකයේ අග භාගයේ වඩාත් ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය වී තිබුණේ AltaVista නැමති සෙවුම් යන්ත්‍රය. ඊට විශාල spam ගැටලුවක් ඇති වුණේ මිනිසුන් විවිධාකාරයේ scripts ලියමින් එහි දත්ත ගබඩාව hack කිරීමට උත්සාහ කිරීම නිසා. ඔවුන් මීට විසදුමක් වශයෙන් මිනිසුන්ට පමණක් සමත් වෙන්න පුළුවන් පරීක්ෂණයක් නිර්මාණය කළා. එහි නම CAPTCHA. Completely Automated Public Turing Test to Tell Computers and Humans Apart – පරිගණක සහ මිනිසුන් වෙන් වෙන්ව හඳුනා ගැනීමට සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පොදු ටියුරින් පරීක්ෂණය. (මිනිසෙකුගේ හැසිරීමට සමාන හෝ වෙන්කර හඳුනාගත නොහැකි බුද්ධිමත් හැසිරීම් ප්‍රදර්ශනය කිරීමට යන්ත්‍රයකට ඇති හැකියාව පරීක්ෂා කිරීමක් ටියුරින් පරීක්ෂණයකදී සිදු කෙරේ.) මෙහිදී සිදු කෙරුණේ ඇද වුණ අකුරු හඳුනා ගැනීමට ලබා දීමයි. කෙසේ වෙතත් කාලයත් සමඟ එම ඇද වුණ අකුරු හඳුනා ගැනීමට බොට්වරු දියුණු වුණා.
reCAPTCHA නම් අනුවාදය හඳුන්වා දීමට සිදු වූයේ ඒ අනුවයි. මෙහිදී පරණ පොත්පත් වල වචන හදුනා ගැනීමට ලබා දී තිබුණා. නමුත් බොට්වරු තව දුරටත් දියුණු වීම නිසා ඊට අනුරූපීව CAPTCHA එකත් අමාරු කළා. එක්තරා අවස්තාවකදී බොට්වරුන්ට CAPTCHA එක කියවා ගැනීම අපහසු වුණා. මේ නිසා spam එකක් යවන අතරතුර CAPTCHA එකක් පැමිණියහොත් එය විසදීමට මිනිසුන්ගේ ආධාරය ලබා ගැනීම ඇරඹුණේ ඊට රැකියා අවස්තා පවා බිහි කරමින්. CAPTCHA තවදුරටත් සංකීර්ණ වීම නිසා අවසානයේ සිදු වූයේ එය මිනිසුන්ටත් හඳුනා ගැනීම අපහසු වීම.
2009 වසරේදී Google සමාගම විසින් reCAPTCHA මිල දී ගන්නේ මේ අතරතුරයි. මෙය නොමිලේ සේවාවක් බවට පත් කළ ඔවුන් reCAPTCHA version 2 හඳුන්වා දීමට කටයුතු කළා. එහිදී සිදු වෙන්නේ “I’m not a robot” කියන check box එක මත click කිරීම. නමුත් මෙහිදී check box එක මත click කිරීමට වඩා පරීක්ෂා කෙරෙන්නේ එය සිදු කරන ආකාරය. සාමාන්‍ය මිනිසෙක් පරිගනක තිරය මත කර්සරය ගෙන යන්නේ නිදහසේ වූවත් රොබෝවරයෙක් එය ගෙන යන්නේ සරල රේඛාවක. එය මෙන්ම Check box එක මත click කිරීමට ගත වන කාලය සහ වෙබ් බ්‍රවුසරයේ history එකත් මේ යටතේ පරික්ෂා කෙරෙනවා. සාමාන්‍යයෙන් මිනිසෙක් search කරන දේවල් බොට් කෙනෙක් search නොකිරීම මීට හේතුවයි. Search history එක මේ ආකාරයට පරික්ෂාවට ලක් කිරීම පිළිබඳව Google Privacy Policy හි සඳහන්. මෙහිදී කිසියම් සැකයක් පැමිණි විටයි ආලෝක සංඥා පුවරු, පාර මාරු වන ස්ථාන, ගිනි නිවීමට යොදා ගන්නා හයිඩ්‍රන්ට් වැනි දේ හඳුනා ගැනීමට ලබා දෙන්නේ. මෙහිදීත් වඩා වැදගත් වන්නේ 100%ක් නිවැරදි පින්තූර මත click කිරීම නොව click කරන ආකාරයයි.
තවදුරටත් reCAPTCHA වැඩිදියුණු කළ Google සමාගම 2018 දී එහි version 3 දියත් කළා. විශේෂත්වය නම් මෙහිදී පෙර පරිදි කිසිදු click කිරීමක් නොමැති වීමයි. එහිදීත් පසුබිමේ සිට අපි කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කෙරෙන අතර comments පළ කිරීම, ගිණුම් වලට sign in වීම වැනි කාර්යයන් සඳහා අදාළ button එක මත click කරන විට සැබෑ මිනිසෙක්ද නො එසේනම් බොට් කෙනෙක්ද යන්න නිගමනය වී අවසන්.