Starship එකෙන් අගහරු ගිහින් එමු

අගහරු ග්‍රහලෝකය මත මිනිස් ජනාවාසයක් ඇතිකිරීම අරමුණු කරගෙන Elon Musk සහ ඔහුගේ SpaceX ආයතනය කටයුතු කරන්නේ කලක පටන්. එම ව්‍යාපෘතියේදී පෘථිවිය සහ අගහරු අතර ප්‍රවාහනය සිදුවන ආකාරය කෙරෙහි කැපී පෙනෙන අවධානයක් හිමි වෙනවා. ඊට හේතු වෙලා තියෙන්නේ මේ සඳහා ඔවුන් යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ නැවන නැවතත් භාවිතයට ගත හැකි යානාවක් වීම. එහි අරමුණ වෙලා තියෙන්නේ වියදම් අවම කරගැනීම. Starship නමින් හැදින්වෙන මෙම යානයෙන් පෘථිවියේ සිට අගහරු වෙත ගොස් ආපසු පැමිණීම දක්වා සැළසුම් කර තිබෙන පිළිවෙළයි මේ.

පියවර 1 :- පළමුවෙන්ම Starship Super Heavy booster එකේ ආධාරයෙන් Starship යානය දියත් කෙරෙනවා. යානයෙන් වෙන් වන බූස්ටරය නැවත පෘථිවිය වෙත පැමිණෙනවා.

පියවර 2 :- අනතුරුව Starship යානය පෘථිවි කක්ෂය වෙත ඇතුළු වෙනවා. මේ අතරතුර ගමන සඳහා Starship යානයට අවශ්‍ය ඉන්ධන රැගත් තවත් යානයක් පෘථිවියෙන් පිටත් වෙනවා.

පියවර 3 :- Starship යානය වෙත ඉන්ධන ලබා දුන් යානය ආපසු පෘථිවිය වෙත පැමිණෙනවා. මෙම ඉන්ධන CH₄ සහ O₂ වලින් සමන්විතයි.

පියවර 4 :- ගමනට අවශ්‍ය ඉන්ධන ලබා ගත් Starship යානය දැන් අගහරු බලා ගමන් කිරීමට සූදානම්. එතැන් පටන් පෘථිවියෙන් කිලෝ මීටර් මිලියන 225ක් ඈතින් පිහිටි අගහරු වෙත පුරා මාස 6ක් Starship යානය ගමන් කරනවා.

පියවර 5 :- අගහරු මතට පැමිණි Starship යානය, නැවතත් පෘථිවිය වෙත පැමිණෙන ගමන සඳහා අවශ්‍ය ඉන්ධන සකස් කරගන්නේ අගහරු වෙතින්ම ලබා ගන්නා H₂O සහ CO₂ මගින්.

පියවර 6 :- ඉන්ධන පුරවා ගත් Starship යානය ආපසු පෘථිවිය වෙත පැමිණෙන්නේ බූස්ටරයක ආධරයක් නොමැතිව තනිවමයි. ඒ අගහරු මත ගුරුත්වාකර්ෂණ බලය පෘථිවියේ මෙන් 38%ක් පමණක් වීම නිසාවෙන්.

SpaceX ආයතනය අපේක්ෂා කරන්නේ 2026 දී මගීන් රහිත Starship යානයක් අගහරු වෙත යැවීමටයි. එය සාර්ථක වුවහොත් 2028 වසර වන විට කාර්ය මණ්ඩලය සහිතව මෙහෙයුම් ආරම්භ කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *