විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් කැපී පෙනෙන ආකාරයට සේවය කරන පුද්ගලයන් අගය කරමින් වාර්ෂිකව ලබාදෙන ත්‍යාග මාලාවක් විදිහට නොබෙල් ත්‍යාගය හඳුන්වන්න පුළුවන්. මෙහිදී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය, සාමය සහ ආර්ථික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාග පිරිනැමීම සිදුවුණත් ගණිතය සඳහා නොබෙල් ත්‍යාගයක් පිරිනැමීම සිදුවන්නේ නැහැ.
මේ නිසා ගණිතය සඳහාත් නොබෙල් ත්‍යාගය හා සමාන මට්ටමේ ත්‍යාගයක් ලබාදීම ගැන සංවාදය ආරම්භයේ සිටම පැවතුණා. එහි ප්‍රථිපලයක් වශයෙන් 2002 වසරේදී නෝර්වේජියානු රජය විසින් සිය ජීවිත කාලයම ගණිතමය පර්යේෂණ වෙනුවෙන් කැපකළ ගණිතඥයන්ට ගෞරව කිරීමේ අරමුණින් ත්‍යාගයක් හඳුන්වා දුන්නා. එය තමයි ආබෙල් ත්‍යාගය (The Abel Prize). 19 වන සියවසයේ විසූ නෝර්වේජියානු ගණිතඥයෙක් වන Niels Henrik Abel හට උපහාරයක් විදිහටයි මේ ත්‍යාගය ඔහුගේ නමින් නම් කළේ. ඒ අනුව 2003 පටන් ආබෙල් ත්‍යාගය ලබාදීම අඛණ්ඩව සිදු කරනවා. මේත් සමඟ ලබාදෙන මූල්‍යමය ත්‍යාගයේ වටිනාකම අද වන විට නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 7.5ක්. මෙහි සම්මානලාභීන් තෝරා ගනු ලබන්නේ නෝර්වීජියානු Academy of Science and Letters විසින් පත් කරන ලද ප්රමුඛ ගණිතඥයින්ගෙන් සමන්විත ජාත්‍යන්තර කමිටුවක් මගින්.
2025 වසරට අදාළ ආබෙල් ත්‍යාගය ඔස්ලෝ හිදී පිරිනැමුණ අතර එය හිමිකර ගත්තේ ජපාන ජාතික ගණිතඥයෙකු වන මහාචාර්ය Masaki Kashiwara විසින්. ඔහුට මෙම ත්‍යාගය හිමි වුණේ the theory of D-modules හි සංවර්ධනයත්, crystal bases සොයා ගැනීමත් අරමුණෙන් algebraic analysis සහ representation theory වෙනුවෙන් සිදුකළ දායකත්වය සඳහායි.
වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය වැනි ක්ෂේත්‍ර වලට සාපේක්ෂව ගණිතය කෙරෙහි මහජන අවධානය හිමිවන්නේ අඩුවෙන්. විද්‍යාව, තාක්ෂණය සහ නූතන සමාජය කෙරෙහි ගණිතයේ ඇති බලපෑම ජනතාවට අවබෝධ කරවීමෙන් සහ ජ්‍යෙෂ්ඨ ගණිතඥයින් අගයමින් ගෞරව කිරීමෙන් නොනැවතී තරුණ පරම්පරාවන් ගණිතය කෙරෙහි උනන්දු කරවීමත් මේ ත්‍යාගය හරහා අරමුණු කෙරෙනවා. සමස්තයක් වශයෙන් දත්ත සහ ඇල්ගොරිතම මගින් වැඩි වශයෙන් මෙහෙයවෙන ලෝකයක අනාගතය හැඩගැස්වීමේදී ශුද්ධ ගණිතයට ඇති කාර්යභාරය ඉස්මතු කර පෙන්වීම ආබෙල් ත්‍යාගය හරහා ඉටු වෙනවා.