අධි පොහොය

එක් වසරකට තිබෙන පසළොස්වක පොහොය ගණන දොළහක්. එම පොහොය දොළහ හැඳින්වෙන මාස වන්නේ වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්, දුරුතු, නවම්, මැදින් සහ බක්. නමුත් ඇතැම් වසරකදී පොහොය දහතුනක් තිබෙනු දැක ගන්න පුළුවන්. ආරම්භයේදී මිනිසා කාලය මැන ගැනීම සිදු කර තිබෙන්නේ සඳ සම්පූර්ණයෙන් පෙනෙන වාර ගණන එකතු කිරීමෙන්. එහිදී පූර්ණ චන්ද්‍රයා දොළොස් වරක් පෙනීම සම්පූර්ණ වර්ෂයක් ලෙස ගණනය කෙරුණා. එවිට ගෙවී ඇති දින ගණන 354 ක් හෝ 355 ක්. එහෙත් සූර්ය මාස ගණන් කිරීම ඇරැඹීමෙන් පසුව මෙහි ඊට වඩා වැඩි යමක් කිරීමට සිදු වුණා. ඊට හේතුව සූර්යයා වටා පෘථිවිය එක් වරක් පරිභ්‍රමණය වීමට ගත වන කාලය දින 365.25 ක් වීම. ඒ අනුව වැඩි වන දින ගණන එකතු කොට අධි මාසයක් ලෙස නම් කෙරෙන අතර එහිදී යෙදෙන අමතර පොහොය හැඳින්වෙන්නේ අධි පොහොය නමින්. සාමාන්‍යයෙන් වසර තුනකට වරක් මෙය සිදුවෙනවා.කිසිදු ඓතිහාසික හෝ ශාසනික සිදුවීමකට අධි පොහොය සම්බන්ධ වන්නේ නැහැ. එහෙත් 1885 අප්‍රේල් මස 28 වැනිදා උදා වූ අධි වෙසක් පෝය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂ දිනයක් වූවා. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ නිල ධජය ලෙස පිළිගැනෙන නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජෙෂ්ඨ සහ ප්‍රභාෂ්වර යන ෂඩ් වර්ණයෙන් යුක්ත ධජය ප්‍රථම වරට එසවීම එදා කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානයේ දී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ විසින් සිදු කෙරුණා.#rdmediaunit #CombinedMaths #ruwandarshana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *