GTA VI සහ දෛශික

Games වලට ආස කෙනෙක්ද ඔයත්? දන්නවද මේ වෙද්දී ලෝකය පුරා ඉන්න video gamersලා බලාගෙන ඉන්නේ එක විශේෂ දවසක් උදා වෙනකම්. ඒ තමයි මේ අවුරුද්දේ නොවැම්බර් 19. ඒ ඇයි?

එදාට තමයි GTA VI (Grand Theft Auto VI) release කරන්නේ. මේ පාර game එකේ තියෙන realistic ගතිය වැඩි වීම වගේම release වෙන්න අවුරුදු 13 කට වැඩි කාලයක් ගතවීමත් මේ විදිහට video gamersලා අතර උනන්දුව වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා.

හැබැයි ඔයා නිකමට හරි කල්පනා කරලා තියෙනවද GTA VI හරි වෙනත් ඕනෑම video game එකක් මෙච්චර realistic විදිහට නිර්මාණය කරන්නේ කොහොමද කියලා?

Video games වල ඇවිදින, දුවන, පනින හැම මනුස්සයෙක්ම, පාරවල් වල යන හැම වාහනයක්ම, පත්තු වෙන හැම වෙඩිල්ලක්ම රැඳිලා තියෙන්නේ එක ගණිතමය සංකල්පයක් මත. ඒ තමයි “දෛශික (Vectors)”.

එතකොට මේ දෛශික ඕනේ වෙන්නේ video games වලදී විතරද?

නැහැ. ඉංජිනේරුවන් නිර්මාණය කරන ගොඩනැගිලි, පාලම් වල පටන් වාහන, රොබෝවරු ඇතුළු හැම දෙයක්ම design, analyse සහ optimise කරන්න දෛශික අවශ්‍ය වෙනවා.

ඒ වගේම භෞතික විද්‍යාඥයින්ට ප්‍රවේගය, ත්වරණය, බලය වගේ රාශීන් විස්තර කරන්න, ගුවන් නියමුවන්ට සහ නාවිකයින්ට සුළං සහ සාගර ධාරා වල බලපෑම් තීරණය කරන්න, NASA වගේ ආයතන වල චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා ගමන් පථ සැලසුම් කරන්න වැදගත් වෙන්නෙත් දෛශික. මීට අමතරව GPS systems, artificial intelligence, self-driving cars වගේ දේවලුත් රැදී තියෙන්නේ දෛශික මත.

එහෙනම් දැන් ඔයාට පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති දෛශික වල තියෙන වැදගත්කම ගැන. ඒත් මොනවද මේ දෛශික?

දෛශික කියන්නේ අපේ Applied Maths syllabus එකේ පළවෙනි පාඩම. Applied paper එකේ අනිවාර්යයෙන් කෙටි ප්‍රශ්නයක් සහ රචනා ප්‍රශ්න කොටසක් මේ පාඩමෙන් එනවා. වැදගත්ම දේ තමයි මේක අලුත්ම පාඩමක්. කලින් පාඩම් වල කිසි සම්බන්ධයක් නෑ. හැබැයි මේ පාඩමෙන් ගන්න knowledge එක ඉස්සරහ පාඩම්වලදී ගොඩක් වැදගත් වෙනවා.

ඉතින් දෛශික ගැන මුල ඉදන්ම ඉගෙන ගන්න 2028 A/L කරන්න බලාපොරොත්තු වෙන ඔයා, වැඩි විස්තර සඳහා අපේ Telegram channel එකත් එක්ක join වෙලා ඉන්න.

මේ ගැන ඔයාගේ යාළුවෝ දැනුවත් කරන්නත් අමතක කරන්න එපා. ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *