ඒ 1977 වසරේ මාර්තු මස 27 වෙනිදා.
ස්පාඤ්ඤයට අයත් Gran Canaria දූපතේ පිහිටි Las Palmas ගුවන් තොටුපළේ එදා දහවල් බෝම්බ පිපිරීමක් සිදු වී තිබුණා. ඒ නිසා Los Angeles සිට Las Palmas කරා ගමන් කරමින් තිබූ Pan Am 1736 ගුවන් යානය ස්පාඤ්ඤයටම අයත් Tenerife දූපතේ Los Rodeos ගුවන් තොටුපළ වෙත හරවා යැවීමටයි බළධාරීන් කටයුතු කළේ.
Pan Am 1736 යානයට අමතරව තවත් ගුවන් යානා Los Rodeos වෙත හරවා එවා තිබුණා. නමුත් Los Rodeos ප්රමාණයෙන් කුඩා, තනි ධාවන පථයක් සහිත ගුවන් තොටුපළක් වීම නිසා ගුවන් යානාවලින් පිරී ගියා.
සවස් වන විට ප්රදේශය හරහා ඝන මීදුමක් හමා ගියේ පාලක කුළුණේ සිට ධාවන පථයේ තිබූ ගුවන් යානා පවා පැහැදිලිව දැකගැනීමට නොහැකි වන ආකාරයෙන්.
මේ අතර Pan Am යානය ධාවන පථයෙන් ඉවතට යාමට උත්සාහ කරමින්, ධාවන පථය දිගේ ගමන් කරමින් (taxiing) තිබුණා. නමුත් එකවරම Pan Am යානයේ ගුවන් නියමුවා මීදුම අතරින් දුටුවේ තමා දෙසට වේගයෙන් එන Amsterdam සිට පැමිණ තිබූ KLM 4805 ගුවන් යානය.
තමන්ට ගුවන් ගත වීමට ගුවන් ගමන් පාලකවරයාගේ අවසරය ලැබී ඇති බවට විශ්වාස කළ KLM යානයේ නියමුවා මේ වන විට තම යානයේ එන්ජින් වල බලය වැඩි කර තිබුණේ. එහෙත් සැබවින්ම KLM යානයට ගුවන් ගත වීමට පාලකවරයා අවසර ලබා දී තිබුණේ නැහැ.
ඒ මොහොතේම Pan Am කාර්ය මණ්ඩලය තමන් තවමත් ධාවන පථයේ සිටින බව පවසා තිබුණත්, එම අවස්ථාවේදී රේඩියෝ පණිවිඩ දෙකක් එකිනෙක මත වැටීම නිසා radio interference එකක් ඇති වීමෙන් එම පණිවුඩය නිසි පරිදි සන්නිවේදනය වී තිබුණේ නැහැ.
ඉතිරිව තිබුණේ තවත් තත්පර 9.5 ක් පමණයි. Pan Am නියමුවා යානය ධාවන පථයෙන් ඉවත් කිරීමට උත්සාහ කළා. KLM නියමුවා උත්සාහ කළේ යානය ඉක්මනින් ඉහළට ඔසවා Pan Am යානයට ඉහළින් ගමන් කරවීමට.
නමුත් යානා දෙක අතර දුර අඩු වෙමින් තිබුණේ එක් යානයක වේගයෙන් පමණක් නොවෙයි. ඒවා එකිනෙක දෙසට ගමන් කළ නිසා, යානා දෙක අතර දුර අඩු වුණේ ඔවුන් සිතුවාට වඩා ඉක්මනින්.
ඊළඟ මොහොතේ මේ ගුවන් යානා දෙක එකිනෙක ගැටී ගිනි ගත්තේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදු වූ විශාලම ගුවන් යානා අනතුර බවට පත් වෙමින්. KLM යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 248 දෙනාමත්, Pan Am යානයේ 335 දෙනෙකුත් මිය යද්දී දිවි බේරා ගැනීමට හැකි වුණේ 61 දෙනෙකුට පමණයි.
රේඩියෝ සන්නිවේදනයේ අපැහැදිලිතාවත්, පැවති දැඩි මීදුමත් මූලිකව මේ අනතුරට හේතු වුවත්, තවත් වැදගත් කරුණක් මෙහි තිබුණා. ඒ මෙම යානා දෙක එකිනෙක දෙසට ගමන් කරමින් තිබීම.
ඒ නිසා එක් එක් යානාවල වේග පමණක් නොව, එක් යානයකට සාපේක්ෂව අනෙක් යානයේ වේගයත් මෙහිදී තීරණාත්මක වුණා. තත්පර කිහිපයක් ඇතුළත යානා දෙක අතර දුර ඉතා ඉක්මනින් අඩු වුණේ ඒ නිසාවෙන්.
වස්තුවක් කොතරම් වේගයෙන් ගමන් කරනවාද යන්න පමණක් නොව එය ගමන් කරන්නේ කාට සාපේක්ෂවද යන්නත් දැන සිටීමේ ඇති වැදගත්කමයි මෙයින් පෙනී යන්නේ.
මාර්ගයේ එකම දිශාවට ගමන් කරන වාහන දෙකක්
ගඟක් හරහා යාත්රා කරන බෝට්ටුවක්
සුළඟ මැදින් පියාසර කරන ගුවන් යානයක්
මේ සියල්ල පිටුපස තිබෙන්නේ එකම අදහසක්.
සාපේක්ෂ ප්රවේගය
ප්රවේගය පිළිබඳව ඔබ මෙතෙක් දුටු ආකාරය වෙනස් කරන පාඩම.
2027 උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන් සාපේක්ෂ ප්රවේගය පාඩම ආරම්භ කිරීමට රුවන් සර් සූදානම්.
• ඔක්.03 සෙනසුරාදා – සුසිප්වන් ගම්පහ සහ Online (combinedmaths.lk)
• ඔක්.04 ඉරිදා – සෙයිලින්පෙන් නුගේගොඩ සහ Online (combinedmaths.lk)
FOLLOW US ON :