(ලාහෝර් ප්රහාරයෙන් සතියකට පස්සේ) මම කොම්පඤ්ඤ වීදිය පැත්තෙන් යද්දී (මුරපොලකදී) මාව නවත්තලා, මම හිතන්නේ Air Force සෙබළෙක් එතන හිටියේ, මාව අඳුර ගත්තාට පස්සේ ඔහු කිව්වා “කොහොමද? දැන් හොඳයිද? අපි කොච්චර බය වුණාද – දුක් වුණාද, ඔයගොල්ලන්ට මෙහෙම හානියක් වුණා නේද? ඔයගොල්ලන්ට කවදාවත් මෙහෙම වෙන්න ඕන නෑ.”
මම කිව්වා ඉතින් “මට වඩා ඔයගොල්ලන් නේද හැමදාම මේකට මුහුණ දෙන්නේ? අපිට විනාඩි දෙකක් වෙඩි වැදුනහම අපි හැමදාම නිව්ස් එකේ. හැබැයි ඕගොල්ලන්ට මේක හැමදාම වෙද්දී කවුරුත් වැඩිය කතා කරන්නේ නෑ, බලන්නෙ නෑ නේද?” කියලා.
එතකොට ඔහු කියපු කතාව තමයි “මේක මගේ කොන්ත්රාත්තුව. මේක මගේ රාජකාරිය. රට වෙනුවෙන්, ඔයගොල්ලෝ වෙනුවෙන් දිවි පුදන එක මගේ වැඩක්. ඔයගොල්ලන්ගේ වැඩක් නෙමෙයි ඒක. ඔයගොල්ලන් තමා හීරෝස්ලා.
මට ඇත්තටම ඉතාමත් දුක හිතුණා මොකද ඇත්තටම අපි කාඩ්බෝඩ් හීරෝස්ලා. ඇත්ත හීරෝස්ලා ඔවුන්.
-ප්රවීණ ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර-
FOLLOW US ON :