ඇත්තටම අලුත් අවුරුද්ද අලුතින්ම පටන් ගන්න, ඔයාගෙ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න ඔයත් කැමතිද? ඇත්තටම ජීවිතය අලුතෙන් පටන් අරගෙන ජයග්‍රහණය කරා ළඟා වන්නට මුලපුරන අවුරුද්දක් බවට මේ වසර පත් කරගන්නට අපි සූදානම් වෙමු.
අතීතයෙන් ඉගනගන්න – වර්තමානයෙහි ජීවත් වන්න – අනාගතය සඳහා බලාපොරොත්තු වන්න
ඉහත වැකියෙහි කියනවා වගේ මේ අලුත් අවුරුද්දෙ පලවෙනිම කාරණය විදිහට අතීතය මෙනෙහි කරන්නට යලි යලිත් ඔබේ කාලය වැය නොකරමින් එයින් ඉගනගෙන අනාගත සාර්ථකත්වය උදෙසා පිය මනින්නට අපි සූදානම් විය යුතුයි.
ජීවිතයට නව ඉලක්ක එකතු කරගන්න
එදිනෙදා ජීවිතය මෙතෙක් ගෙවූ රටාවෙන් මදක් ඔබ්බට ගොස් දිනපතා / සතිපතා හෝ මාස්පතා ඔබට සරිලන SMART ඉලක්ක ජීවිතයට එකතුකරගන්න. උදාහරණයක් විදිහට දිනපතා නව දෙයක් ඉගනීමේ අරමුණින් අවදි වීම , සතිපතා තම වියදම් අවම කර ඉන් කොටසක් ඉතුරු කිරීම වැනි දෑ දක්වන්නට පුළුවන්.
ඔබ කෙරෙහි විශ්වාසය තවත් වැඩිදියුණු කරගන්න.
කෙනෙකුගේ ජීවිතයෙහි සාර්ථකත්වයෙහි මූලික පදනම ලෙස අඛණ්ඩ උත්සාහය සහ අධිෂ්ඨාණය අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මේ සඳහා අත්‍යාවශ්‍යයම කාරණය තමයි ආත්ම විශ්වාසය කියන්නේ. ඔබේ ඉලක්ක , අරමුණු සාක්ෂාත් කරගැන්මට ඔබ කෙරෙහිම ඇති විශ්වාසය මඟින් ඔබට ඒ කරා ඉතා ධෛර්යය පූර්වකව යොමුවන්නට හැකියාව ලැබෙනවා.
ඔබේ ක්‍රියාවන් වල ප්‍රගතිය විමසා බලන්න
ඔබ මෙතෙක් කරන ලද ක්‍රියාවන් ක්‍රියාවන් පමණක්ම බවට ගොනුකරනු ලැබුවා වෙන්නට පුලුවනි. නමුත් මෙතැන් සිට එකින් එක, ටිකෙන් ටික ඔබේ ක්‍රියාවන් වල ප්‍රගතිය, එයින් ඔබට ලැබුණ දේ සහ ඔබෙන් ගිලිහුණ දේ විමසා බැලීමෙන් ඔබට ජීවිත කතාවේ මීලඟ පිටුව සාර්ථකව ලියන්නට මඟ පෑදෙනු ඇති.
ඉතින් ඉහත කාරණා වගේ සරල දේවල් අපේ ජීවිතයට එකතු කර ගැනීමෙන් අපට ,උදාවූ නව වසර ඇත්තටම සුභ වසරක් කරගන්නට හැකියාව ලැබෙනවා නොඅනුමානයි.