ලොව හොඳම ඉංජිනේරු සැලසුම ශ්‍රී ලංකාවෙන්

ඕස්ට්‍රේලියාවේ Good Design සම්මාන උළෙලේදී ලොව හොඳම ඉංජිනේරු සැලසුමට හිමි සම්මනය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන පසු ගියදා සමත් වුණා. ඒ අවසන් වටයේ අංශ 32ක් ඔස්සේ ඉදිරිපත් වූ නිර්මාණ 1000ක් අතරින් පළමු ස්ථානය දිනා ගනිමින්. ඇය නිර්මාණය කර තිබුණේ ඝන අපද්‍රව්‍ය නිසා අවහිර වීමට ප්‍රතිරෝධී සුහුරු කාණු පද්ධතියක් (Solid Waste Clog-Resistant Smart Drain). සුවිශේෂීත්වය නම් ආචාර්ය නදීශා මේ ජයග්‍රහණය ලබා ගත්තේ මෙම තරගයට ටෙස්ලා සමාගම ඉදිරිපත් කර තිබූ නිර්මාණය පවා අභිබවා යමින්.

ඇය මෙම සුහුරු කාණු පද්ධතිය නිර්මාණය කර තිබුණේ වර්ෂාපතනයත් සමඟ කාණු අවහිර වීම නිසා නාගරික ප්‍රදේශ වල ගංවතුර ඇති වීම පාලනය කිරීමේ අරමුණෙන්. මෙහිදී කාණුව ඉහළ ස්ථරය සහ පහළ ස්ථරය ලෙස නාලිකා දෙකකින් සමන්විත වෙනවා. කසළ සමඟ පැමිණෙන ජලය ඉහළ ස්ථරයේ දැල් හරහා පෙරීමට ලක් වී ජලය පමණක් පහළ ස්ථරය ඔස්සේ ගලා යන්නේ ඝන අපද්‍රව්‍ය ඉහළ ස්ථරයේ දැල් බඳුන්වල එකතු වෙමින්. දැල් බඳුන් වල තිබෙන සංවේදක මගින් කසළ ප්‍රමාණය ගණනය කර ඒ පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව වෙත කෙටි පණිවිඩ යැවෙනවා. ඒ වගේම ජල ප්‍රවාහයේ වේගය වැනි කරුණු අධ්‍යයනය කරමින් ගංවතුර අවදානම් පුරෝකතනය කිරීමේ හැකියාවත් මේ සුහුරු කාණු පද්ධතිය සතුයි.

ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයෙන් සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන සරසවි අධ්‍යාපනයට පිවිසෙන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයෙන්.

සම්මානය ලබා ගත් මොහොතේ සිය සතුට වචන වලට පෙරලූ ආචාර්ය නදීශා එහිදී ශ්‍රී ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව සිහිපත් කිරීමට අමතක කළේ නැහැ. “මේ පුංචි රටෙන් අපිට නිදහස් සෞඛ්‍ය සේවය වගේම විශ්ව විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනය ලබා දීලා අපව ගෝලීය පුරවැසියන් බවට පත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *