ඉතා අලංකාර ලෙස විවිධ හැඩතල භාවිත කරමින් සකස් කරගත හැකි රටාවන් ඔබත් දැක ඇති. සමචතුරස්‍ර, ඍජුකෝණාස්ර, වෘත්ත හෝ ත්‍රිකෝණ ආකාරයේ විවිධ හැඩතල වලින් අපිට ඉතා අලංකාර රටාවන් නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. අද අපි කතාකරන්න යන්නේ රටාවෙන් ඔබ්බට ගිය “අයින්ස්ටයින් හැඩය” ගැනයි.
අයින්ස්ටයින් හැඩය ලෙස හැඳින්වෙන මේ හැඩය, ෂඩාස්රයක් සමාන කොටස් හයකට වෙන් කොට, එලෙස ලබාගත් කොටස් අටක් ඉහත ආකාරයට සකස් කිරීමෙන් නිර්මාණය කරගන්න හැකියාව තිබෙනවා. විශ්‍රාමික මුද්‍රණ ශිල්පියෙකු වූ ඩේවිඩ් ස්මිත් මහතා විසින් මෑතකදී (2022 නොවැම්බර්) සොයාගත් මෙම හැඩය දශක ගණනාවක් මුළුල්ලේ පැවති ගණිත තර්කයන්ට අභියෝගයක් එල්ල කරන්න සමත් වෙනවා.
ටයිල් කරන ලද බිමක් ගැන සිතන්න. එකම ආකාරයේ විවිධ වර්ණ වල හැඩයන් භාවිතාකරමින් හිඩැස් නොමැති වන සේ ආවරණය කරන ලද ඉතා අලංකාර පුනරාවර්තනය වන රටාවක් එයට තිබෙන්නට පුළුවනි. එසේ නොවීමට නම් ඔබ හැඩතල එකකට වඩා භාවිතා කරන්නට අවශ්‍යය බව ගණිඥ්‍යයින් පවසනවා. එවැනි සමයක කරලියට පැමිණි අයින්ස්ටයින් හැඩය මෙම පුනරාවර්තනය කල නොහැකි ටයිල් කිරීම සම්බන්ධ ගණිතයට නව ජවයක් එකතු කරන්නට සමත් වෙනවා. අයිස්න්ටයින් හැඩයෙහි විශේෂත්වය නම් එයින් ඔබට මෙසේ පුනරාවර්තනය වන කිසිඳු රටාවක් ලබාගත නොහැකි වීමයි .