මීට පෙර සටහනින් අපි කතාබහ කලා කලනය කියන්නේ මොකක්ද කියලා .
ඊට කලින් අපි කවුද මේ අයිසෙක් නිව්ටන් කියලා සොයා බලමු.
සර් අයිසෙක් නිව්ටන් කියලා කියන්නේ 17 සියවසේ සිටි කැපී පෙනෙන ගණිතඥයෙක් මෙන්ම භෞතික විද්‍යාඥයෙක්. නිව්ටන් මහතා ඇපල් ගසකින් ගෙඩියක් බිමට වැටෙනු දැක ඒ මත පදනම්ව සකස් කරන ලද විශ්ව ගුරුත්වාකර්ෂණ නීති නිසාවෙන්ම කවුරුත් එතුමන් ගැන දන්නවා නොඅනුමානයි. ඔහුගේ ජීවන ගමනේදී ඔහු අත්කරගත් ජයග්‍රහණ අතර ප්‍රධානම තැනක් කලනය සොයාගැනීමට ලැබෙනවා.
වැටෙන වස්තුවක වේගය සෑම තප්පරයකම වැඩිවන බව නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු ඒ පිළිබඳව විස්තර කල හැකි ගණිතමය සංකල්ප වෙත තම අවධානය යොමු කරනු ලබනවා. ඉන් පසුව කෙමෙන් වර්ධනය කරන ලද කලනය මගින් මෙම නියමයන් සියල්ල හෙලිදරව් කරගැනීමට මෙන්ම ගණිතයට නව්‍ය අරුතක් එක් කරන්නට එතුමා සමත් වෙනවා.
නිව්ටන් මහතා කලනය සහ වෙනස් වීමේ සීග්‍රතාව ගැන අධ්‍යනයත් සමඟම ඔහුගේ පෙර කාර්යය පෝෂණය වූ බව නම් පිළිගත යුතුම කරුණක්. කලනය භෞතික විද්‍යාවේ චලනය සම්බන්ධ ඔහුගේ ශක්තිමත් සංකල්ප වඩාත් අවබෝධයට කලනය උපකාර වී තිබෙනවා. කලනයේ පදනම සැකසීමට ඔහුගේ සංශෝධිත න්‍යාය 1976 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කිරීමත් කැපී පෙනෙන එක්තරා සන්ධිස්ථානයක් වෙනවා.
කලනයේ සොයාගැනීම ගැන කතාකරන විට කරලියට එන තවත් එක් වැදගත් පුද්ගලයෙක් ගැන මීට පෙර සටහනින් අපි ඔබ හමුවේ තැබුවා. ඒ අන් කවරෙකුවත් නොව, Gottfried Wilhelm ගණිතඥ්යයායි. ඔහු ස්වභාවධර්මය සහ චලිතය පිළිබඳව විස්තර කිරීමට ගණිතය යොදාගන උත්සහ ගත් එක් වැදගත් පුද්ගලයෙක් බවත් සඳහන් කල යුතුමයි. ඔහු කලනය පිළිබඳ සංකල්ප වර්ධනයට වෙනමම කටයුතු කරන ලද නිසා එය මුලින්ම සොයාගත්තේ කවුරුන්ද යන පැනයට පිළිතුරු සෙවීමේදී ඔහු සහ නිව්ටන් මහතා අතර මතභේදාත්මක තත්වයක් හටගෙන ඇති බවයි කියවෙන්නේ. නමුත් සත්‍යය නම් නිව්ටන් මහතා wilhelm ට වසර අටකට පමණ පෙරාතුව සිටම ඒ ගැන අධ්‍යනය කරන ලද බවයි ඉතිහාසයේ කියැවෙන්නේ.
කවුරුන් කොහොම කවදා සොයාගත්තත් අවසානයට කිව යුතු කරුණ නම්, ගණිතයේ පුනරුදයට මහත් සේ උපකාරී වන සංකල්ප අතර ඉහළින්ම වැජඹෙන අයෙකු බවට කලනය නිතැතින්ම පත් වන බවයි. එතැන් පටන් අද දක්වා ක්‍රම ක්‍රමයෙන් කලනය වර්ධනය වෙමින් පැවති අතර එය ගණිතයට අදටත් මතුවටත් මහත් සේවයක් කරනු ඇති බවට නොඅනුමානයි.