Principia Mathematica

ගණිතයේ ඉතිහාස කතාව ගැන අපි කතාකරන විට අපිට හමුවන එක වැදගත් නවාතැනක් විදිහට Russel & Whitehead යන ගණිතඥයන් විසින් රචනා කරන ලද Principia Mathematica ග්‍රන්ථයට හිමිවෙන්නේ ඉතාමත් වැදගත් තැනක් . තාර්කිකව ඉදිරිපත් වූ ගණිතමය මූලධර්ම ගණිතමය වශයෙන් නිරූපණයට දැරූ ප්‍රයන්තනය ප්‍රතිඵල ලෙස එලිදැක්වූ මෙම කෘතියෙහි සමස්ථ වැදගත්කම අදටත් අවිවාදාත්කමව පිළිගැනෙන කරුණක් වනවා.

1903 දී Russel විසින් රචනා කරන ලද The Principles of Mathematics ග්‍රන්ථය මඟින් ඔහු සංඛ්‍යාව , වර්ගමූලය වැනි නිශ්චිත ගණිතමය සංකල්ප භාවිතා නොකලත් Proposition සහ Class යන සංකල්ප වලට සීමා වී එනයින් මුළු ගණිතයම ව්‍යුත්පන්න කල හැකි බවට තර්ක කොට තිබෙනවා. ඊට කීප වසරකට පසුව 1910 – 1913 අතර කාලයේදී වෙළුම් තුනකින් යුතු ග්‍රන්ථයක් වශයෙනුයි මේ Principia Mathematica ග්‍රන්ථය ලොවට දායාද වෙන්නේ.

Russel විසින් ඔහුගේ තාර්කික න්‍යායේ ඇති ප්‍රතිවිරෝධීතා ජයගැන්මට අපේක්ෂාවෙන් රචිත මෙම කෘතිය පසුකාලීනව ලොවපුරා පුළුල් ලෙස ව්‍යාප්ත වන්නට විය. ඒ හේතුවෙන් ගණිතය පිළිබඳ නිශ්චිත උනන්දුවක් නොතිබූ දාර්ශනිකයින් හට පවා සිතන්නට යමක් ඉතුරු වූ වගනම් නොරහසක්. Mathematical Logic, Relations – Arithmetic, Series, Quantity වැනි කොටස් කීපයක් යටතේ වඩාත් වැදගත් ගණිතමය සංකල්ප ගොනුකර ඇති මෙම ග්‍රන්ථය ගණිතයට ආදරය කරනඔබ විසින් කියවිය යුත්තක්ම බව සඳහන් කල යුතුමයි.

ගණිතයට මහත් මෙහෙයක් ඉටු කරන ලද මේ සංකල්ප මඟින් අද පවතින තරම් දියුණු රසවත් ගණිතයකට අඩිතාලම යෙදූ බව අප පිළිගත යුතුම කරුණක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *