මේක පුංචි game එකක්.
ඔයා ඉදිරියේ වහලා දාපු දොරවල් 3ක් තියෙනවා. 🚪🚪🚪
මේ අතරින් එක දොරක් පිටිපස්සේ අලුත් කාර් එකක් තියෙනවා. 🚗
අනිත් දොරවල් දෙක පිටිපස්සේ ඉන්නේ දොරකට එක ගාණේ එළුවෝ දෙන්නෙක්. 🐐🐐
ඔයාට තියෙන්නේ කාර් එක තියෙන දොර තෝරන්න විතරයි.
අපි හිතමු ඔයා පළවෙනි දොර තේරුවා කියලා.
තරගයේ නිවේදකයා දන්නවා කාර් එක තියෙන්නේ මොන දොරේද කියලා. ඒ නිසා මේ වෙලාවේ එයා කරන්නේ පළවෙනි දොර ඇරලා පෙන්නනවා වෙනුවට තුන්වෙනි දොර ඇරලා ඒක ඇතුළේ ඉන්නේ එළුවෙක් කියලා පෙන්නන එක.
දැන් ඔයාට chance එකක් දෙනවා කැමති නම් පළවෙනි දොරේ ඉදලා දෙවෙනි දොරට මාරු වෙන්න. මොකද කරන්නේ ඔයා? මාරු වෙනවද නැද්ද?
දොරවල් දෙකයිනේ ඉතුරු. ඒක නිසා කලින් තෝරගත්ත පළවෙනි දොර හරියන්න තියෙන chance එක 1/2 යි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම නෙමෙයි.
ඔයා පළවෙනි දොර තෝරන වෙලාවේ,
🚗 කාර් එක තියෙන්න තිබුණ chance එක 1/3 යි.
🐐 එළුවෙක් ඉන්න තිබුණ chance එක 2/3 යි.
දැන් වෙනකොට නිවේදකයා තුන්වෙනි දොර ඇතුළේ හිටපු එළුවව පෙන්නලා ඉවරයි. හැබැයි ඒකෙන් ඔයා මුලින් තෝරපු දොරේ කාර් එක තියෙන්න පුළුවන් chance එක වෙනස් වෙන්නේ නැහැ. ඒ දොරේ කාර් එක තියෙන chance එක තවමත් 1/3 මයි.
ඒ කියන්නේ ඔයා තෝරපු පළවෙනි දොර නොවෙන දොරක කාර් එක තියෙන්න තිබුණු 2/3ක chance එක දැන් තියෙන්නේ දෙවෙනි දොරේ.
ඒක නිසා ඔයා මුලින් තෝරපු දොරේම හිටියොත් කාර් එක දිනාගන්න chance එක 1/3 යි.
හැබැයි දෙවෙනි දොරට මාරු වුණොත් කාර් එක දිනාගන්න chance එක 2/3 යි.
මෙන්න මේ නිසා දොර මාරු කරන එක තමයි වඩාත් වාසිදායක මේ වෙලාවේ.
Monty Hall problem එක විදිහට ප්රසිද්ධ මේ ගැටලුව, අපිට නිකන් මතුපිටින් බලනකොට හිතෙන උත්තරයට වඩා වෙනස් උත්තරයක් සම්භාවිතාවය පාවිච්චි කරලා විසඳද්දී එනවා කියලා පෙන්නන්න හොඳ උදාහරණයක්.
ඒක තමයි සම්භාවිතාවය පාඩමේ තියෙන ලස්සන.
ඉතින් 2027 – 2028 A level කරන ඔයාලා වෙනුවෙන් රුවන් සර් රට වටා පවත්වන Seminar series එකේ පළමුවැන්න,
✅ සැප්තැම්බර් 29 අඟහරුවාදා
✅ උදේ 8.00 ට
✅ අනුරාධපුර ඔරස් ආයතනයේ දී (කැනෝලා රෝහල ඉදිරිපිට)
පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. එදාට සර් කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්භාවිතාවය පාඩම.
සම්භාවිතාවය පාඩමේ මූලිකම තැන ඉඳලා ගැඹුරට යනවා විතරක් නෙමෙයි, exam එකේදී පහසුවෙන් සම්භාවිතාවය ප්රශ්නෙට ලකුණු ගන්න විදිහත් එදාට කියලා දෙනවා. Seminar එක අවසානයේ රුවන් සර් එක්ක කතා කරන්නත් ඔයාලට අවස්තාව ලැබෙනවා.
මේ seminar එක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ නිසා ඔයාගේ Combined Maths කරන යාළුවාවත් එදාට එක්කගෙන එන්න. ❤️
අන්තිමට එක ප්රශ්නයක්.
දොර කැමති නම් මාරු කරන්න දීපු වෙලාවේ ඔයා හිතුවේ පළවෙනි දොරේම ඉන්නද? නැත්නම් දෙවෙනි දොරට මාරු වෙන්නද?
FOLLOW US ON :