හුඟක් අය හිතන දෙයක් තමයි මේ දවස ආදරවන්තයන්ටම විතරක් වෙන් කරලා තියෙනවා කියන එක. හැබැයි ඇත්තටම එහෙම එකක් නැහැ. මේ දවස තමන්ගේ පවුලේ අයත් එක්ක, එහෙමත් නැත්නම් යාළුවෝ එක්ක වුණත් සමරන්න පුළුවන්. කෙටියෙන්ම කියනවා නම් තමන් ආදරය කරන, තමන්ට ලෙන්ගතු ඕනේ කෙනෙක් එක්ක මේ ආදරවන්තයන්ගේ දවස සමරන්න පුළුවන්.
තනිකඩ අයට තමන් කැමති දෙයක් තමාටම තෑග්ගක් විදිහට මිලදී අරගෙන, තමන් කැමති විදිහට දවස ගත කරන ගමන්, තමන් තමාටම ආදරය කිරීමේ ඇති වැදගත්කමට වැඩි අවධානයක් දීලා මේ දවස සමරන්න අවස්ථාව තියෙනවා.
කොහොම වුණත් ආදරවන්තයන්ගේ දවස තියෙන්නේ වටින කියන තෑගි දෙපැත්තට මාරු කරගන්නම නෙමෙයි. තමන්ගේම අතින් ලියපු කවියක්, නිසදැසක් වගේ දෙයක් මිල අධික තෑග්ගකට වඩා අර්ථවත් වෙන්න පුළුවන් කියන්නේ ඒ නිසයි.
ඉතින් මේ ආදරවන්තයන්ගේ දවස තමන් තමන්ටම ආදරය කරන එකෙන් පටන් අරගෙන තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය, පවුල, යාළුවෝ ආදී වශයෙන් මුළු ලෝකයටම ආදරය කරන්න අවස්ථාවක් කරගනිමු. හැමෝම එහෙම කරපු දවසක මේ ලෝකය යුධ බියෙන් තොර, එකිනෙකා ගහ මරාගන්නේ නැති ලස්සන තැනක් වේවි.