වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියූ අපේ රට විටින් විට විවිධ සතුරු ආක්රමණයන්ට ලක් වූවත් පළමු වරට මුළුමනින්ම විදේශීය ජාතියකට යටත් වූයේ 1815 මාර්තු 02 වෙනිදායි. එදා මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කළ උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වූ අපේ රට නැවතත් නිදහස් රාජ්‍යයක් බවට පත් කර ගැනීමට වසර 133කට අධික කාලයක් සටන් කිරීමට අපේ මුතුන් මිත්තන්ට සිදුවුණි.
ඔවුන් ජීවිත පූජාවෙන් සිදු කළ කැප කිරීම් වල ප්‍රතිඵල වශයෙන් අවසානයේ 1948 පෙබරවාරි 04 වෙනිදා අපේ රටට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් හිමි විය. එතැන් පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 04 වෙනිදා නිදහස් දිනය ලෙස උත්සවාකාරයෙන් අපි සමරන්නේ එම සුවිශේෂී දිනයයි.
අදට යෙදෙන 78 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!