ලෝකවාසී බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් දිනය වන වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. තථාගතයන් වහන්සේ පිළිබඳව ලුම්බිනියෙහි සිද්ධාර්ථ කුමාරොත්පත්තියත්, බුද්ධ ගයාවේ දී අභිසම්බෝධියත්, කුසිනාරාහිදී පරිනිර්වාණයත් කියන ත්‍රිවිධ මංගල්‍යය සිදු වුණේ වෙසක් පොහෝ දිනයේ දී. ඒ වගේම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කිඹුල්වත් නුවර දී තම පියාණන් ඇතුළු නෑදෑයින්ට යමා මහ පෙළහර පෑවේත් වෙසක් පොහෝ දිනයේදී කියලයි කියවෙන්නේ. බුද්ධත්වයෙන් අටවෙනි වර්ෂයේ දී වෙසක් පුර පසලොස්වක් දා බුදුන් වහන්සේ තුන්වෙනි වරට ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට සමනල කන්ද (ශ්‍රී පාදස්ථානය) හා කැළණිය පුජනීය ස්ථාන බවට පත්කිරීම ලාංකික බෞද්ධයින්ට වැදගත් කාරණයක්. වංශ කථා අනුව සිංහල ජාතිය ආරම්භ කළ විජය කුමාරයා ලක්දිවට ගොඩ බටුයේත් බුද්ධ පරිනිර්වාණය සිදු වූ වෙසක් පොහෝ දිනයේමයි යන්න පිළිගනිතොත් වෙසක් පොහෝ දිනය සිංහලයන්ට ජාතික වශයෙනුත් වැදගත් වෙනවා.
වෙසක් පොහෝ දිනයේ සැදැහැවතුන් නොයෙක් සිද්ධස්ථාන වන්දනාවේ ගියත්, වැඩි වශයෙන් ඔවුන් කැළණියට හා අනුරාධපුරයට ගොස් සිල් සමාදන් වීමට කැමැත්තක් දක්වනවා. බෞද්ධයින්ගේ ශ්‍රේෂ්ඨතම වන්දනාව වෙන සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පොහොය වන්නේත් වෙසක් පොහොය යි.
ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
FOLLOW US ON :